Header Ads

ගිලන් පෙම


ගණ අඳුරු සිතුවිලි සළුපට වෙලා හද
මියෙන සිරුරම මකනවද ඒ මතක රොද
ගිලන් ඇඳ මත වැතිරි කය දුබලව
නෙත් දුරක ඒ අහිමි සඳ ලුහුබැද

කොතෙක් පැතුවද වෙලෙන්නට පෙම ඇතිරු
බොඳව යයි ඒ සිහින සිතුවම් මැදුරු
නැගෙන්නට සවි නොමැති මේ කය කුරිරු
සිතත් කුමටද මතක රැහිනින් වෙළුණු

බලා වුවනත දරාගෙන පැතුමන් පොකුරු
සඳත් දුටුවයි එදා හසරැල් නැඟුණු
ඉගිල යන කාලයට මුසු කර කඳුළු
බර ම හුස්මත් ගිලිහුනා වී නපුරු

-චූලා-