Header Ads

අපට අහිමි වන අපේ උරුමය ( කදුරුගොඩ විහාරය - හුණුගම /චුන්නාකම් )

උතුරුකරයේ/යාපනේ පිරිසිදුම මිරිදිය වතුර ඇති දුපත..එහෙමත් නැත්තන් හුණුගම / චුන්නාකම් කියන දුපතේ අද වන විට විනාශවෙමින් යන අපේ උරුමයක් තියනවා.. මේ පිලිබදව කිසිම පුද්ගලයෙක්ගේ අවදානය අද වෙනකන් හරි හැටියට යොමු වෙලා නෑ ... නමින් " කන්දරොඩෙයි / කදුරුගොඩ විහාරය " .. මේ විහාරය අද වෙනකොට බලාගන්නේ යුදහමුධා සෙබළුන් 4 දෙනෙක් විසින් . ඒ කියන්නේ මේක බලාගන්න හාමුදුරුනමක්වත් නෑ..


මම කලින් කියුවා පිරිසිදුම මිරිදිය වතුර තියන දුපත කියලා .. මොකද අපි දන්නවා මාතලේ දිස්ත්‍රික්කයෙන් එහාට යනකොට පොලවේ පාෂණ ස්ථරයේ හුණුගල් පද්ධතියක් තිබෙනවා .ඒ හින්දා අපිට මේ මිරිදිය ජලයේ කිවුල් රසක් දැනෙනවා ,නමුත් කිසිම කිවුල් රසයක් නොදැනෙන පිරිසිදුම වතුර මේ දුපතේ පිහිටලා තියනවා.ඒ වුනාට දුකට කාරනාවක් තියනවා ,මෙච්චර පිරිසිදු වතුර තියන දුපතේ මේ පුදබිමට වතුර ගේන්නේ බවුසරයකින් දවස් 2කට සැරයක් ...

වැඩි විස්තර නැතුව මම මේ විහාරයේ තියන වටිනාකමයි එතිහාසික වැදගත්කමයි, දැනට මේ විහාරයට අත්වෙලා තියන ඉරණම ගැනයි කියන්නම් ..

කදුරුගොඩ පුරාන විහාරයේ අතීතය බුදුරජාණන් වහන්සේගේ කාලයට විහිදෙනවා .ඒ වගේම මේ විහාරය දාගැබ් ,වටදාගෙය කියන සංස්කෘතික අංගයන්ගෙන් පරිපුර්ණ ප්‍රදේශයක්. මේ පිලිබදව මුලින්ම කැනීම් සිදුකරන්නේ 1917 දී යාපනේ දිසාවිනිසුරුව හිටපු පොල් ඊ පිරිස් මහතාගේ අනුදැනුම යටතේ. මේ කැණීම් වලදී රන් ආලේපිත් බුදුපිළිම ,ඒ වගේම පරණ උළු කැබලි වගේ අනුරාධපුර පොළොන්නරු යුග වලට අයත් උපකරණ හුගක් හම්බ වෙනවා.

ලිඛිතව හම්බවෙන සාක්ෂි හැටියට කියනවනම්...මහාවංශයේ මෙන්න මෙහෙම සදහන්ක්‍ වෙනවා .. දෙවානම්පියතිස් නිරිදුන් විසින් සාදවූ ,දඹකෝලපටුනේ සිට අනුරාධපුරයට උතුරු කරින් ඇතුල් වන ගල්කණු මතින් දිවුණු මාවතේ කදුරුගොඩ විහාරය එක් නැවතුම් පලක් විය. ක්‍රි .ව.9 වන සියවසේ 4වන කාශ්‍යප රජු විසින් මෙම විහාරයට ප්‍රධානයක් කරපු බවට මෙතනින් හමුවුන "අත්තානේ ටැම් ලිපියේ" සදහන් වෙලා තියනවා .ඒ වගේම  "නම්පොත" එහෙමත් නැත්තන් මහනුවර යුගයේ ලියවුන විහාර හා පුජාභූමි නාමාවලිය කියන පොතේ සහ, පෘතුගීසින් ලේඛන වල " කන්දරකුඩ්ඩේයි" කියලා හදුන්වලා තියනවා.


16 වන සියවසේ උතුර පාලනය කල " සංගිලි" කියන රජුන්ගේ දවස මෙම විහාරය විනාශ කරලා ,මෙම විහාරයේ හටපු රහතුන් වහසේලා 60 නමක් ඝාතනය කර බවත් සදහන් වෙනවා .1917 දී කරපු කැණීම්  වලින්  මේ භික්ෂුන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කරලා හදපු දාගැබ් 60න් 56ක් අත්තිවාරම් හම්බවෙලා තියනවා..අදටත් ඔයගොල්ලොන්ට මේ විහාරබුමියට ගියොත් මේ මම සදහන් කරන දේවල් දැකබලාගන්න පුළුවන් වෙයි.

අවාසනාවන්ත කාරනාව කියන්නම් , 1947 දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ විහාරස්තානයට අක්කර 8ක භුඋමි ප්‍රමාණයක් පවරාගන්නවා. නමුත් මේ ප්‍රදේශයේ වැසියන් මේ ඉඩම් අල්ලාගැනීම හින්දා 1965 දී මේ විහාර බිම්ප්‍රමානය අක්කර 3 රුඩ් 8 යි පර්චස් 33 කට අඩුවෙනවා. 1965 දී මේ විහාරභුමිය මැදින් පාරක් ඉදිවෙනවා. ඒ හේතුවෙන් අදවනවිට ,එනම් වර්ෂ 2017 වන විට මෙම විහාරයට අයත් භුමි ප්‍රමාණය රුඩ් 8 ක් වැනි සුළු ප්‍රමාණයකට කොටුවෙනවා. ඒ වගේම ඉතා වටිනා විහාර සංකීර්ණයක් ශ්‍රීලාංකික ඉතිහාසයට අහිමිවෙනවා වගේම,පුරාවිද්‍යාත්මක තොරතුරු බොහෝ ප්‍රමාණයක් අපට අහිමිවී යනවා ..


අද වන විට මේ විහාරය ඉඩම්හොරුන්ගේ ග්‍රහණයට දැඩි ලෙස මුහුණපාලා තියනවා වගේම හමුධා සෙබළු කිහිපදෙනෙක් මේ ස්ථානය ආරක්ශාකරම්න් සිටිනවා. ඉතිං මේ සටහන කියවන අයගෙන් මේ අවස්ථාවේ ඉල්ලා සිටින්නේ, තව ඉතා සුළු කාලයක් අපට මේ විහාරය නරබාගන්න පුළුවන් වෙයි.. යන්න නරබන්න ..පාලකයින් දැනුවත් කරන්න .. අපේ උරුමයන් රැකගන්න ..!!!


                                                                                     - ඉසුරු රත්නායක-
                                                                      ඉංජිනේරු පීඨය - පේෂකර්ම ඉංජිනේරු අංශය 
                                                                                       සිව්වන වසර