Header Ads

නොපිළිගත් සත්‍යය


හිතේ තියෙන හැමදේම එක පාර ලියල මකල දානවා වගේ මගේ හිතේ තියෙන සමහර දේවල් මට මකල දාන්න්න බැරි ඇයි? හිතේ තියෙන දුක, වේදනාව... හැමදාමත් එදා ඉදන් මං ඒ කරපු වැරැද්ද නිසා කොච්චර නම් අඩල ඇත්ද? එත් වෙනස් උන දේ අපහු හදන්න කාටද පුළුවන්! එත් මගේ හිත කවදාවත් ඒ සත්‍යය පිළිගන්න කැමති නෑ.

අවූරුදු ගානකට කලින් මං ලස්සන පුංචි කෙල්ලෙක්ට ආදරේ කරා. ආදරේ කියන දේ අපි කාටවත්ම නොතේරෙන කාලේ ලෝකෙටම හොරාට හිත් දෙකක විතරක් තිබ්බ අහිංසකම ආදරයක් එක. එත් ඉතින් ඔය පුංචි පුංචි ආදර කතා වලට තියෙන ආයු කාලෙත් පුංචිනේ. එත් ඒ පුංචි කාලෙට ලස්සන ලෝකයක තමයි අපි හිටියේ. ඉතින් හිතටත් හොරට ඒ පුංචි කෙල්ල මගේ ජිවිතෙන් ඈතට ගියා.

ඒ උනාට ආපහු අවුරුදු ගානකට පස්සේ මෙන්න ඊට වඩා පොඩ්ඩක් උස වෙච්ච කෙල්ලෙක් හිතේ හොල්මන් කරනවා. ඉතින් අපහු ඒ පරණ කතාවම ආපහු තිරේ දිගහැරෙනවා ඊටත් වඩා ලස්සනට.

ඔරලෝසුවේ රාත්‍රී 12 සටහන් වෙන හඬ මම කල්පනා ලෝකයෙන් ඇහැරෙව්වා. ජපානයේ එක සිතල රාත්‍රියක සිතල සුළග තාමත් විවර වුනු ජනෙල් පියන් අතරෙන් කාමරේට හමා එමින් පැවතුනි. රාත්‍රිය සිතල වුවද මගේ ගත නම් උණුසුම්ය. අවසන් වසර විභාගයේ තීරණාත්මක පරීක්ෂණයට ඇත්තේ තව පැය කිහිපයක් පමණි. පොත අතට ගත වෙලේ සිට මා නොකළ එකම දෙය නම් පාඩම් කිරීමයි. අතීත මතකයන්ගෙන් ගමන් ඇරඹි මසිත අවසානයේ මිට දින කිහිපයකට පෙර නැරඹී චිත්‍රපටියක කතාවක් මගේ ජිවිතයට රිංගවීමට මහත් වැයමක් දරමින් සිටියේය. එනමුදු එවන් සුන්දර කතා වල හිමිකාරයෙක් වන්නට තරම් එක්කෝ මා පින් කර නැත... නැතිතම් එවැනි පුංචි කෙල්ලෙක් ඉපදී සිට නැත. සරසවි ජිවිතයද නුහුරු රටක ගෙවුන නිසාවෙන්දෝ ඒ කාලයේද වෙන පිරිමි ළමුන් මෙන් කෙල්ලෙකුගේ අත අල්ලන් යාමේ වාසනාවක්නම් මට ලැබුනේම නැත. මගේ හොදම මිතුරාගේ විවාහ උත්සවයද ඊලග මාසයේ පැවැත්වේ. මගේ ජපානයේ ගත කරන ජිවිතයද තව කෙටි කලකින් නිමවනු ඇත. හෙට පැවැත්වෙන පරීක්ෂණය සමත්වීම මට ඉතාමත් ලේසි වුවද මගේ හිත නම් හොදටම බය වී මගේ නින්දද ඈතට පලවාහැර තිබිණි. මම සීතලද නොසලකා රාත්‍රී අදුරට පියමැන්නෙමි. 

කවියෝ රෑ අහස ගැන, රාත්‍රිය ගැන, හද ගැන බොහෝ කවි ලියා තිබුනත් ඒ සියලන්ගෙන්ම සම්පුර්ණ වූ රාත්‍රිය ගැන ලියවුන කවි ප්‍රමාණය අඩුයි කියල තමයි මන් නම් හිතුවේ. මොනවා උනත් හිතේ තිබ්බ අමිහිරි මතක මකල දාන්න සිතල රැයක් තරම් හොද ඔසුවක් නැ කියලයි මං නම් අත්දැකීමෙන් දැනන් හිටියේ. මං වගේ කී දෙනෙක් මේ ඔසුව හොයාගෙන එනවද දන්නේ නැනේ. ඔන්න ඉතින් ආයි මගේ හිත කියවන්න පටන් ගත්තා. මේ දේවල් කියන්නවත් කවුරු හරි හිටියනම්. එහෙම හිතුන වාර ගැන අනන්තයි. එත් මම කෙනෙක්ව විශ්වාස කරන්නේ කොහොමද? ඊටත් වඩා මගේ හිතේ තියෙන විකාර අහන ඉන්න පුළුවන් අය මේ ලෝකේ ඉන්නවද? ඩොක්ටර් කෙනෙක්ට කිව්වනම් ඒ මොහොතේම මාව උපදේශන සේවයකට යවයි.  ඉතින් මං අහසටයි හුලගටයි මගේ කතාව කිය කියා හිටිය.

***

කාලය වේගයෙන් යනවා කියල ඉතින් මිනිස්සු කිව්වට මටත් ඕක දැනුනේ ටිකක් වයසට ගියාම තමයි. කොහොමහරි හුලගටයි රෑ අහසටයි කියව කියව හිටපු මට මං හිතපු විදියෙම පුංචි කෙල්ලෙක් හම්බ උනා අහම්බෙන්ම වගේ. දැන් ඉතින් අහසටයි හුලගටයි කියන්න ඕන ඒවා අහන ඉන්න කැමති කෙනෙක් අන්තිමේදී මං හොයා ගත්තා. හැබැයි ඉතින් ආදරේ කරලා පුරුදු නැති මගේ හිතෙන් මං එයාට ආදරේ කරාට එයාට ඕන කෙනා වෙන්න මට බැරි උනා. දවසක් මං එයට ගොඩක් රිද්දුවා. මං එයාව අවිශ්වාස කරා. උපාධි ගත්ත මොලේට තේරුම් ගන්න බැරි උනා අහසටයි හුලගටයි කිව්ව කතා අහන් ඉන්න පුළුවන් හදවතකට රැවටීම කියන දේ තේරෙන්නේ නැ කියන එක. 

ඒ අහිංසක හිත ඒ දවසේ මට සමාව දෙන්න ඇති. අදටත් මගේ ලගට වෙලා මං දුකින් ඉන්නකොට ඔලුව අතගාල තාමත් ඒ හිත මං ගාව ඉන්නවා කියල මට මතක් කරනවා ඇති. එත් මගේ හිත නම් මට මැරෙනකම්ම සමාව දෙන එකක් නෑ. අපි ගොඩක් ඉගෙනගෙන ඇති, ලෝකේ ගැන දැනුම ගොඩක් අපිට ලැබිල ඇති, ඒ වගේම අත්දැකීමුත් හුගක් ඇති එත් ආදරණිය හදවතක් ගාව අපි දන්නා සමහර ලෝක ධර්මයන් වලංගු වෙන්නේ නැ කියලයි අන්තිමේදී මට නම් හිතුනේ. අදටත් ලස්සන රෑක මේ හිත පිළිගන්න අකමැති උන ඒ ඇත්ත සිතල හුලගත් එක්ක ඇවිත් මගේ හිත හීනියට රිද්දල යන්නේ සමහරවිට අපහු මං අතින් ඒ වැරැද්ද වෙයි කියල හිතාගෙනද දන්නේ නෑ...

- PM -
Electrical Engineering (Level 1)