Header Ads

කුලුදුල් සිහින 3



"ඔයා කිව්ව දේ ගැන මම හිතලා බැලුවා, එත් තාමත් මට තීරණයක් ගන්න බැහැ. ඔයා දන්නැති ගොඩක් ප්‍රශ්න මගේ ජිවිතේ තියෙනවා. තරහා වෙන්න එපා අදටත් ඔයා මට හොදම යාළුවෙකුටත් වැඩි කෙනෙක් , එත්... එත් සහස් ඔයාවත් ඒ ප්‍රශ්න ගොඩට ඇදල දාල විනාස වෙන්න අරින්න මට බැහැ. ප්ලීස් මාව තේරුම් ගන්න, අපි කලින් හිටියා වගේ හොදම යාලුවෝ විදියට ඉමු. අපිට වාසනාවක් තිබුනොත් අපි එකතු වේවි.ඒ නැතත් ඔයාට මට වඩා හොද කෙනෙක් ලැබෙයි." 

මට ඇත්තටම තේරුණේ නෑ මම මොකක්ද කරන්න ඕනා කියලා , මොකද මම මෙහෙම දෙයක් කවදාවත් බලාපොරොත්තු උනේ නෑ. ජිවිතේ කියන්නේ බලාපොරොත්තු වෙන දේම නෙවෙයි කියලා ජිවිතේ මට කියලා දුන්නා. මම එහෙම්ම call එකක් ගත්තා එයාට. එත් එයාගේ phone එක ඕෆ්. "මට ඉක්මනට call එකක් ගන්න" කියලා මම පණිවිඩයක් තියලා එහෙම්ම ඔලුව කොට්ටෙට තියාගෙන කල්පනා කරන්න ගත්තා. 

මගෙයි අනුත්තරාගේ ආදරේට අවුරුදු 2 ක් විතර යද්දී අනුත්තරාට ඕන උනා මේක ගෙදර අයට කියන්න. කොහොමත් අපි තව අවුරුද්දකින් විතර කසාද බදින්න කියලා තමයි හිතං හිටියෙත් . මොකද ඒ වෙද්දී මාත් තව දුරටත් ඉගෙන ගන්න එකට ආයුබෝවන් කියලා රැකියාවක් කරමින් හිටියේ. අතේ සල්ලිත් තියෙනවනම්, ආදරෙත් ඕනෑවටත් වඩා තියෙනවනම් තව මොනවද...

නෑ, මට වැරදුනා, ජිවිතේ ආපහු සැරයක් එකම දේ වෙයි ද... මමයි අනු යි කාලෙකට පස්සේ dinner out එකකට ගියා . එයාට call එකක් ආවා. මේ ඊට පස්සේ වෙච්චි දේවල්

"අනු මොකද අනේ ඔයා ගෙදරට කතා කරපු වෙලාවේ ඉදන් මූඩ් ගහලා වගේ, ඇයි මොකද අම්මා කිව්වේ, ඉක්මනට ලංකාවට එන්න කිව්වද අපි දෙන්නට" 

"අනේ මේ සහස් මට ඔලුවේ කැක්කුමයි, පාඩුවේ කාල යමුද ප්‍රශ්න අහන්න නැතුව"

කවදාවත් නැතුව මගේ අනු මට සැරෙන් කතා කළා. ඔය පටන් ගත්ත හැටි ඊට පස්සේ අනූ ගොඩක් වෙනස් උණා, අනූ මාව මග අරින්න ගත්තා, හම්බුනත් හැමතිස්සෙම රණ්ඩු විතරයි අපි අතරේ තිබ්බේ. හැමදාම ඇහුවොත් අනූ ට ඔලුවේ කැක්කුම. මට හිතාගන්න බැරි උනා මොකද මේ වෙන්නේ කියලා. එහෙන් මගේ උසස් වීමකට තරග විභාගයක් තියෙන කාලයක්.මේ හැමදේම වෙන්න ගියේ මාස 3-4ක් වගේ පුංචි කාලයක් . අනු ට ඕනා උනා මාවත් එක්කන් ලංකාවට යන්න. හැබැයි මම ඒ වෙද්දී හොදටම busy වෙලා හිටියේ. මම කොච්චර තේරුම් කරලා දෙන්න හැදුවත් එයා තේරුම් ගත්තේ නෑ. එයා මාත් එක්ක හොදටම රණ්ඩු වෙලා යන්න ගියා. මම කොච්චර call කරන්න හැදුවත් එයාව සම්බන්ධ කරගන්න බැරි උණා . ඊට පස්සේ සති දෙකක් විතර යනකම් අපි අතර දුරකථන ඇමතුමක් වත් හුවමාරු උනේ නෑ. මටත් එයාව නැතුව ඉන්න පුළුවන් ගානකට හිත වෙනස් උණේ කොහොමද කියන්න මම දන්නේ නෑ.

ඔය අතරේ තමයි අනූ මට call එකක් දීලා හම්බෙන්න එන්න කිව්වේ. එයා සේරම එයාගේ ticket හදාගෙන. එයා හෙට ලංකාවට යනවලු. ගෙදර අයටත් කියලා, Germany වල ඉන්න අපි දෙන්නගේ යාලුවෝ සේරටමත් කියලා. හැබැයි එයා මට කියන්න ආවේ අද . හරියටම එයාගේ Flight එකට පැය 20 කට විතර කලින්.

මම දැනන් හිටියේ නෑ අනූ ට එක පාරටම මොකද උණේ කියලා, ආදරේ වෛරයක් වෙන්නත් වැඩි වෙලාවක් නොයන විත්තිය මට තේරුණා. හැම දෙකම වැරැද්ද මගේ පිටට වැටෙද්දී එයා මාව දාල යන්න ගියා ලංකාවට. ආපහු නොඑන්නම යනවා කියලයි එයා කිව්වේ. හැබැයි එයා එදා කිව්ව හැමදේම වචනයක් ගානේ මට අදටත් මතකයි. 

"සහස් , මම යනවා , ආයෙත් කවදාවත් ඔයාව මගේ ජීවිතේට හම්බ වෙන්න ලැබෙන්නේ නැත්නම් මම කැමති, මගේ ජිවිතේ මට වැරදුණා, ප්ලීස් මට හිතේ සතුටින් ඉන්න ඕනා. ඒ නිසා ඔයා ආයෙත් මගේ ජීවිතේට කවදාවත් එන්න නෙවෙයි ලගින් වත් යන්න එපා."

අනූ ලංකාවට යන්න ගියා...

නදී ට මම ඊට පස්සේ තුන් හතර සැරයක්ම call කළා, එත් එයාගේ phone එක ඕෆ් වෙලයි තිබුනේ ඒ හැමතිස්සෙම, ඔය අතරේ එක පාරටම මට call එකක් එනවා නදී  ගෙන්, අපි හම්බෙමුද කියලා. ආයේ මොනවා කල්පනා කරන්නද මම කෙලින්ම හා කියල, ඊට පස්සේ ඇහුවේ කොහෙටද කීයටද කියලා. කොහොම හරි එයා කියපු වෙලාවටත් විනාඩි 10ක් විතර කලින් මම ටෙනිස් කොර්ට් එක ගාව බැංකුවේ ගිහින් වැඩි වෙලා හිටියා. 

කියපු වෙලාවටම එයා ආවා , මම ගොඩක් ආස කරපු එයාට ලස්සනට ගැලපෙන දුඹුරු පාට ගවුම ඇදගෙන. මුලින්ම එයාට කතා කරන්න දීලා මම බලන් හිටියා, මොකද මට මොකක්ද කරන්නේ කියලා වත් හිතාගන්න බැරුව හිටියේ. එයා මට ලොකු කතා ගොඩක් කිව්වා, එයාගේ ප්‍රශ්න, එයා මේ දවස් ටිකේ දුක් උන විදිය, එයාට මාව මතක් උන විදිය... හැබැයි එයා අන්තිමට කිව්ව දේ මට තාමත් හිතාගන්න බෑ. මගේ පළවෙනි ආදරේ, ඔව් මගේ කුළුදුල් ආදරේ උපදින්නේ ඒ විදියට. හිතුවේ නෑ කවදාවත් එයා මගේ වෙයි කියලා. මගේ නදී ගේ සුදු කම්මුල මගේ සතුට වැඩි කමට ඉඹගෙන ගියා. එයා කියනකම් මට අමතක උනා අපි ඉන්නේ කොහෙද කියලා. විලි ලැජ්ජාව දොරේ ගැලුවා ටෙනිස් කොර්ට් එක ගාවින් ගියපු කොල්ලෝ කෙල්ලෝ අපි දිහා බලාගෙන යනවා.

ඔහොම කොහොම හරි අපි මේ ගමන එකට යන්න පටන් ගත්තා. කල්පාන්තය තෙක් සුන්දර හීන මවන්න ගත්තා. අපි දෙන්නගෙම යාලුවෝ ගොඩක් අපිට උදව් කළා. ළමයි විතරක් නෙවෙයි lecturers ලත් අපි දෙන්න ගැන දැනගෙන හිටියේ,  ඔහොම සතුටින් ඉද්දි තමයි හිතුවේ වත් නැති විදියට...

නෑ ඒක මම පස්සේ කියන්නම්. මට කියන්න තියෙනවා වැදගත් දෙයක්. මම ලංකාවට ආවේ අවුරුදු 25 කට පස්සේ, ඒ අතරතුර මගේ අම්මයි අප්පච්චියි මම ජර්මනි වලට ගත්තා මගේ විවාහෙන් අවුරුද්දකට විතර පස්සේ මානවී ට  පලවෙනි දරුවා ලැබෙද්දී. මට ලංකාවට යන්න මානසිකත්වයක් තිබුනේ නෑ, මොකද මම ජිවිතේ දෙන්නෙක් ට පොරොන්දු උනා ආපහු මුණ නොගැසෙන්න. මට ඕන උනේ නෑ ඒ මතකය පාරන්න.

එත් ඇයි මම ආයේ ලංකාවට ආවේ කියලා ඔයාට කියන්න ඕනා. ඔයාව තව දුරටත් කුතුහලෙක හිරකරන්න මට ඕන නෑ . මම ආවේ අනුත්තරා ව මුණ ගැහෙන්න. පරණ අමතක කරන්න හදපු අමතක කරන්න බැරි උන ඒ මතකය පාරන්න .මගේ යාලුවෙක් ගේ සාදයකට එයා එනවා කියලා මට දැනගන්න ලැබුනා. අනුත්තරා මට නොකියා ගියපු අන්තිම ප්‍රශ්නෙට උත්තරේ අවුරුදු 25 කට පස්සේ ගන්නයි මට ඕනා වෙලා තිබුනේ. වෙලාව පොඩ්ඩක් එහාට මෙහාට වෙනකම් ඉදලා, මම කෙලින්ම ගියේ අනුත්තරා ගාවට, සත්තයි තුන් හිතකවත් කහටක් තිබුනේ නෑ, මොකද මගේ ආදරේ අදටත් පුජනියයි කියලා මම දන්නවා. යන්න ඕනා කෙනාට යද්දී ඕන තරම් හේතු කියන්න පුළුවන් කියලත් මම නොදන්නවා නෙවෙයි, එත් මට ඕනා උනා අනුත්තරාගෙන් ඒ ප්‍රශ්නේ අහන්න. මේක මම මානවී දැනුවත්ව ආපු ගමනක්. මට ඕන උනේ මගේ හිතට සහනයක් ගන්න විතරයි. ගොඩක් හෙම්බත් වෙලා මම හිටියේ ඒ ප්‍රශ්නය නිසා. මම හෙමිට අනුත්තරාට කතා කළා, එයාගේ දුවයි මහත්තයයි පොඩ්ඩක් එහාට වෙනකම් ඉදලා.

Excuse me, මාව අදුරන්න පුලුවන්ද ?

(ඉතිරි කොටස ලගදීම)

- සමිඳු නිමල්ක -
Chemical & Process Engineering (Level 4)