Header Ads

සිහිනයක් වෙලා


මිනිස්සු ජිවත් වෙන්නේ බලාපොරොත්තු ගොඩක් එක්ක.ඒ බලාපොරොත්තු ජිවිත වලට අරමුණක් දෙනවා.එයාලව ජිවත් කරවනවා.ඒවා බිදුන දවසට මිනිස්සු පිස්සෝ වගේ හැසිරෙන්නේ ඒකයි.තව දුරටත් එයාලට ජිවත් වෙන්න අරමුණක් නැති හන්දා.එහෙම බලාපොරොත්තු අතරෙ ආදරේ කියන්නේ හරිම සුන්දර දෙයක්.ඒ බලාපොරොත්තුව මිනිස්සුන්ව ජිවත් කරවන හැටි දැක්කම පුදුමත් හිතෙනවා.ඒ වගෙම ඒ ආදරේම මිනිස්සුන්ගේ ජිවිත විනාශ කරන හැටි දැක්කම ඊට වඩා පුදුම හිතෙනවා.

මං මිනිස්සුන්ගේ ජිවිත ගැන කල්පනා කර කර Galle face එකට වෙලා මුහුද දිහා බලාගෙන හිටියා...එතනට ආවම මගෙ හිතට දැනෙන නිදහස,නිස්කලංක කම..මුහුදෙ සද්දෙත් සින්දුවක් වගේ..වෙලාවකට මට පිස්සු අප්පා..හිත හදා ගන්න හදන හැම වෙලාවකම හිතේ කොනකින් මතු වෙලා මුළු හිතම වහ ගන්න ෂෙහාන් ගැන මට එන්නේ තරහක්..පුළුවන් හැම වෙලාවකම මං මෙතනට දුවන් එන්නේ ෂෙහාන්ව අමතක කරන්න.ඒක ටිකක් විතර පිස්සු කතාවක් උනාට ඇත්ත කතාවක්..එයත් එක්ක හැමදාමත් ආපු තැනටම මං තනියම එන්නේ එයාව අමතක කරන්නද නැත්තම් පරණ මතකෙට ආපහු පණ දෙන්නද කියලා මමම දන්නේ නෑ.ඒ කොහොම උනත් මෙතනට ආවම මගේ හිතට දැනේනේ පුදුම සැනසීමක්..ඒ සැනසීමට මං ගොඩක් කැමතියි.

පාලම උඩට වෙලා ඒකෙ ඇන්දට බර වෙලා  ඈත ඉර බැහැගෙන යන හැටි බලන් ඉන්න එක හරිම ආසා හිතෙන වැඩක්.මමම දන්නේ නෑ හිත සෑහෙන්න දුර යනවා..එහෙම වෙලාවට හිතට දැනෙන හැගීම...මට ඒක විස්තර කරන්න ඇත්තටම තේරෙන්නේ නෑ.එහෙම පැයක් දෙකක් ඉදලා ගෙදරට ගියාම හිතට මාර ෆිට් එකක් තියෙන්නේ...

ගෙදරට ආවට පස්සේ කාලා බීලා fb එක පැත්තේ ගියේ කාගෙ හරි ඕපයක් දුපයක් හොයා ගන්න කියලා..හෙහ් හෙහ්.....news feed එකේ පහළට යද්දි දැකපු ෆොටෝ එකක් හින්දා එක පාරටම මං ගැස්සිලා ගියා..පාලමේ ඇන්දට බර වෙලා ඈත මුහුද දිහා බලන් ඉන්න මගෙ ෆොටෝ එකක්..එකේ මාතෘකාව “තනිකම ” කියලා දාලා...කාගෙන් අහලද මේ ෆොටෝ එක ගත්තේ...මට හොදටම කේන්තිත් එක්ක...එහෙම කොහොමද මගෙ ෆොටෝ ගන්නේ..අනික දන්නේ වත් නැති කෙනෙක්...ෆොටෝ එක දාලා තිබුනෙ ෆොටෝ දාන group එකක.දාපු කෙනාගේ නම තිබුනෙ සදැස් කවීශ්වර කියලා...කෝකටත් කියලා මං එයාට message  එකක් දැම්මේ මෙහෙම අහන්නැතුව ෆොටෝ ගන්න එක හරිද අහලා...අනික එහෙම අරන් fb දාන්න..හැබැයි කොහොම උනත් ඒ ෆොටෝ එකේ අමුතුම ගතියක් තිබුණා..කොහොම උනත් කලාත්මක ඇහැක් තියෙන කෙනෙක්...

පහුවෙනිදා fb ගිහින් බලනකොට සදැස් ගෙන් reply එකක් ඇවිත් තිබුණා..

“sorry ෆොටෝ එක හින්දා අපහසුතාවයක් උනානම්..එවෙලේ ඔයාගෙන් ඇහුව නම් ඔය ෆොටෝ එක ගන්න දෙන එකක් නෑ කියලා මට හිතුනා.ඒකයි ඇහුවේ නැත්තේ..sorry..මං ඒක අයින් කරන්නම් ”

කොහොම උනත් ඒක ලස්සන හින්දා අයින් කරනවා කීවම නම් මට දුක හිතුණා.ඒ හින්දම මං ඒක අයින් කරන්න එපා කියලා message එකක් දැම්මේ.ඒ වෙලාවේ සදැස් online ඉදලා...හැරෙන තැපෑලෙන්ම reply ආවා..

.”අහා තෑන්ක් යු හොදේ....මං fb දාපු ෆොටෝ වලින් වැඩිම like තියෙන්නේ මේකට ”

“අහා එහෙමද....”

“ඔව්...මං හිතුවේ වත් නැති විදියට හොදටම ෆොටෝ එක වැදිලා ...ඒකට ඉතින් තෑන්ක් කරන්න ඕන ඔයාට තමා...”

“කව්ද ඉතින් දන්නේ ෆොටෝ ගහනවා කියලා...”

“මේ ලෝකේ නම් නෙවේ තමා හිටියේ ...”

සදැස් ගෙන් මට friend request එකකුත් ඇවිත් තිබුණා..එතකොට තමා එයා ගැන කින්ද මන්ද කියලා විස්තර දැන ගත්තේ.කොළඹ campus එකේ medical faculty එකේ  ළමයෙක්..මට එයා ගැන පුදුමත් හිතුනා..මේවා කරන්න වෙලාවක් තියෙනවද කියලා එයාට..අනික doctor කෙනෙක් වෙන්න ඉන්න කෙනෙක් ෆොටෝ ගගහා ඇවිදින්නේ..ටිකක් විකාර වගේ...

Galle face එකේදී මට දවස් දෙක තුනක්ම මට සදැස්ව හම්බුණා..එයත් එක්ක කථා කර කර ඉන්න එක හරිම ආස හිතෙන වැඩක් උණා...ඒ හින්දමද කොහෙද මං පුළුවන් හැම දවසෙම galle face එකට ගියා...ඒක හරි අමුතු බැදීමක් උණා...එයා කවදාවත් මගෙ private දේවල් ඇහුවේ නෑ..එයාගෙ දේවල් මට කිව්වෙත් නෑ...හැබැයි හොද යාළුවෙක් උනා..එයාව හම්බ උන හැම වෙලාවකම අපි කථා කලේ වටේ පිටේ අපිට පේන්න තිබුණ දේවල් ගැන...එයාට හරි ලස්සන හිතක් තිබුණේ...ඒ අදහස් ,සිතුවිලි....අනේ මන්දා...මට නම් අනිත් අය දිහා බලලා ඒ විදියට හිතන්න බැරි උනා..

දවසක් එයාව මට හම්බ උන වෙලාවක අපි දෙන්නා පාලම උඩ  වැටට හේත්තු වෙලා බර කතාවක් දාගෙන හිටියා.

“මට කවදාහරි ඕන වෙරළක් අයිනේ ලස්සන ගෙයක් හදාගෙන ඉන්න ....අර ෆිල්ම් වල වගේ ”මං ඔහේ විකාර කියව කියව හිටියා..

“ඔයාටත් තියෙන්නේ මාර ආසාවල්නේ....”

“ඇයි .????මොකක්ද ඒකෙ තියෙන අවුල....???”

“අපෝ අවුලක් නම් නෑ....ඒත් ඒක කොච්චර ප්‍රයෝගික ද කියලා කල්පනා කරලා බලන්නකො....”

“ටිකක් විතර අවුල් තමා ඉතින්...” 

“ටිකක් නෙවේ සෑහෙන්නම.....” ඒ මේ අස්සේ පොඩි එකෙක් අපි ලගට ඇවිත් අඹ කවරයක් දික් කරන් ඉන්නවා...සදැස් ගානක් අහන්නේ වත් නැතුව රුපියල් 500 ක් ම පොඩි එකාට දීලා අඹ කවරේ ගත්තා...පොඩි එකාගෙ මුණට හද පායලා වගේ..ඒකා දත් 32 ම දාලා හිනා වෙලා එතනින් දුවලා ගියා...

“මොකෝ ඒ 500 ක් දුන්නේ ???ඇයි සල්ලි වැඩි වෙලාද???”

“පොඩි ලමෙක්නේ....”

“මේ පැත්තේ ඉන්න පොඩි එව්වොත් අලි හොරු ”මං ඒක කිව්වා විතරයි සදැස් මහ හයියෙන් මගේ දිහා බලාගෙන හිනා වෙන්න පටන් ගත්තා..

“ඇයි මොකෝ???”ඒ පාරනම් මට තරහත් ආවා...

“නිකන් අනේ හිනා වුනේ ..ඔයා ඒක කිව්ව විදියට....”

“හ්ම්ම් ”

“පුළුවන් කාලෙ දෙන්න ඕනා..කියන්න බෑනේ...අපි හිටපු ගමන් මැරුණොත් එහෙම ..”එයා එහෙම කිව්වා විතරයි මං සදැස්ට හිනා වෙන්න පටන් ගත්තා..

“එහෙමයි උපාසක මහත්තයා....”මං සදැස් ට හිනා වෙනකොට එයා මගේ දිහා හිනා වෙලා බලලා ඈත බලා ගත්තා...

සදැස් ව මට හම්බ වෙලා හරියටම මාස 3ක් විතර යන්නැති එක පාරටම එයා අතුරුදහන් උනා වගේ උනා...fb එකට ආවෙත් නෑ..එයා එනකන් මං දවස් ගානක් galle face එකට ගිහින් බලන් හිටියා..ඒත් එයා ආවෙ නෑ...කිසිම විස්තරයක් හොයා ගන්න විදියකුත් තිබුනෙ නෑ...අඩුම තරමේ phone number  එකක් වත්....එයා කවදාවත් මට ඒවා දුන්නෙත් නෑනේ...මගේ හිතටත් මාරම පාළුවක් දැනුනෙ...ෂෙහාන් ව මට අමතකම වෙලා තිබුනෙ සදැස් නිසා...එයා එක පාරටම මෙහෙම අතුරුදහන් උනාම මට හිතා ගන්නත් බැරි උනා...කොහොම කොහොම හරි මං ආයි පුරුදු ජීවිතේටම වැටුණා...හැම වෙලාවකම සදැස් මතක් උනත් මට එයාව හොයා ගන්න කිසිම විදියක් තිබුනේ නෑ...මං ගොඩක් වෙලාවට fb එකේ පැය ගණන් බලා හිටියා එයා එනකන් කියලා...ඒත් එයාගෙ චායාවක් වත් පේන්න තිබුනෙ නෑ...එයා සම්පුර්ණයෙන්ම අතුරුදහන් වෙලා තිබුණා...

එක දවසක් fb එකට යනකොට සදැස් ටැග් උන ෆොටෝ එකක්....ඒත් ඒකෙ තිබුන දේ දැක්කම මං පුටුව හයියෙන්ම තද කරලා අල්ල ගත්තේ මට මාවම sure නැති හින්දා...

“පිළිකා රෝගය නිසා සදහටම අපෙන් සමුගත් සදැස් සොයුර නුබට නිවන් සුව...උපදින හැම භවයකම නුබ අපේම මිතුරෙකු වී ඉපදේවා ....!!!”

- සේයා -