Header Ads

තොරතුරු තාක්ෂනය සහ නීතියේ මිතුරු කතාව


තාක්ෂනය මිහිතලය පුරාවට කිසිම නැවතීමක් නොමැතිව ඉතාමත් ශ්‍රිඝ්‍රයෙන් දියුණුව කරා පියමනිමින් සිටි. අපගේ ජීවිත වල සෑම අංශයක්ම පාහේ අද දියුණු වූ තාක්ෂණයෙන් පෝෂණය වී ඇත. තොරතුරු තාක්ෂනය යනු එහි දියුණු වූ එක් අංශයකි. එහි අද්විතීය නිර්මාණය වනුයේ පරිගණකයයි. තාක්ෂනය දියුණුවෙන් දියුණුවට පත් වීමත් සමග එම ආශ්චර්යමත් නිර්මාණය ලොවට දායාද කෙරිණි. පරිගණකය තොරතුරු තාක්ෂනය හා අති ප්‍රභල සමීපතාවයක් දක්වයි. තොරතුරු තාක්ෂණ නීතිය පරිගණක නිතිය ලෙස අර්ථ දක්වා ඇත්තේද එබැවිනි.

පරිගණකය ඇසුරු කොට ගෙන අප ජීවිතයට සමීප බොහෝ දේ මේ වන විට සිදු වෙමින් පවතී. විවිද වෘත්තිය ක්ෂේත්‍රයන්ටද අද මෙය අදාල කර ගනී. උදාහරණ ලෙස බැංකු වල ගිණුම් කටයුතු ජාල ගත කිරීම, රෝහල් වල බොහොමයක් උපකරණ වල ක්‍රියාකාරිත්වය, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ යාන්ත්‍රික මෙවලම් වල මෙහෙයුම් ආදී කටයුතු පරිගණක ගත කර තිබෙන ආකාරය අපට දක්නට ඇත.

විශ්වය තුල පවත්නා සෑම දෙයක්ම කිසියම් රීතියකට අනුව සිදුවන බවක් දක්නට හැකි වුවත් තොරතුරු තාක්ෂණයේ සිදු වී ඇති මේ දියුණුවට අනුරූපව ඊට අදාල නිතිය සැකසී ඇත්තේද යන්න පිලිබදව විමසා බැලීමේදී ඇති වන්නේ සැකයකි.පරිගණක අන්තර්ජාල ආශ්‍රිතව අද බොහොමයක් අපරාධ සිදු වෙමින් පවතී.ජාත්‍යන්තර වෙළදාම වැනි අන්තර්ජාතික කටයුතුද අද පරිගණකය හා අන්තර්ජාල ඔස්සේ සිදු වෙමින් පවතින අතර නීති ක්ෂේත්‍රයටද පරිගණකය හා තොරතුරු තාක්ෂනය පිවිසීම හේතුවෙන් නිති ක්ෂේත්‍රයේ නියැලෙන්නන් හට පාරම්පරික නීති පුස්තක තුල සිරවී නිසිට නව නීති මං ඔස්සේ ඉදිරියට පියමන් කිරීමට අවස්ථාව ලැබී ඇත.

තොරතුරු තාක්ෂන නිතිය සම්බන්ධයෙන් අදාල ප්‍රධාන කරුණු කීපයක් ඒ පිළිබද පරිශීලනය කිරීමෙන් අපට දැකිය හැකිය.

1. පරිගණක අපරාධ
2. ඉලෙක්ට්‍රොනික වාණිජ කටයුතු
3. දත්ත ආරක්ෂාව
4. බුද්ධිමය දේපල ආරක්ෂාව 
5. පරිගණක සාක්ෂි හා ඊට අදාල වෝහාරික කරුණු 

මෙයින් පරිගණක අපරාධ කොටස් තුනකි.

1. පරිගණක ආශ්‍රිත අපරාධ
2. පරිගණක ඒකාග්‍රතාවය ආශ්‍රිත අපරාධ
3. පරිගණක දත්ත ආශ්‍රිත අපරාධ

(අ) මෙහි පළමු අපරාධ වර්ගයට අයත් වන්නේ සත්‍ය ලෙසට වෙනත් අපරාධයකට ඉවහල් වන පරිදි පරිගණකය ආධාර කර ගැනීමක් පමණකි. උදාහරණ ලෙස මිනි මැරීමක් සදහා අවශ්‍ය වූ යම් දත්ත පරිගණකය තුල ගබඩා කර තැබිම දැක්විය හැක. වංචාව , කූට ලේඛන සැදීම , අසභ්‍ය ප්‍රකාශන ප්‍රසිද්ධ කිරීම වැනි වරදවල් උදාහරණ ලෙස දැක්විය හැක. 2007 පරිගණක අපරාධ පනත මගින් මෙම පරිගණක අපරාධ යටතට ගැනෙන වරදවල් හදුන්වා දී ඇත.

(ආ) මෙහි දෙවන අපරාධ වර්ගය වන පරිගණක ඒකාග්‍රතාවය ආශ්‍රිත අපරාධ යන්නට කෙනෙකුගේ පරිගණක පද්ධතියට අනවසරයෙන් ඇතුළු වී සිදු කරන වැරදි උදාහරණ ලෙස දැක්විය හැක.

(ඇ) මෙහි තුන්වන අපරාධ වර්ගය වන පරිගණක දත්ත ආශ්‍රිත අපරාධ යන්නට උදාහරණ ලෙස පිළිගත් ආගම් වලට අපහාස වන අයුරින් යම් ප්‍රකාශන අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය කිරීම , අසභ්‍ය ඡායාරුප ප්‍රකාශනය කිරීම , වැදගත් ලේඛන හෝ ඡායාරුප විකෘති කර ඒවා සත්‍ය ලේඛන හෝ ඡායාරුප බවට අන්තර්ජාලය ඔස්සේ ප්‍රකාශනය කිරීම දැක්විය හැක.

තොරතුරු තාක්ෂනයේ ඇති දෙවන ප්‍රධාන අංගය වනුයේ ඉලෙක්ට්‍රොනික වාණිජ කටයුතු සිදු කිරීමය. ඉලෙක්ට්‍රොනික පණිවුඩ යැවීම, පරිගණකය ඔස්සේ වෙළද ගිවිසුම් වලට එලබීම , පරිගණක ජාල ඔස්සේ මුදල් ක්‍රෙඩිට්පත් මගින් මුදල් ගෙවීමට හැකිවීම උදාහරණ ලෙස දැක්විය හැක.ශ්‍රී ලංකාවේ ඉලෙක්ට්‍රොනික ගනුදෙනු 2006 අංක 19 දරණ පනතින් පාලනය වේ.

තොරතුරු තාක්ෂනයේ ඇති තුන්වන ප්‍රධාන අංගය වනුයේ දත්ත අරක්ෂනයි. පරිගණකය තුල ගබඩා කර අති දත්ත ආරක්ෂා කිරීම මෙහි අදහසයි. වෙනත් රටවල මෙන් දත්ත ආරක්ෂා කිරීම සදහා වූ වෙනමම පනත් ශ්‍රී ලංකාව තුල දක්නට නොලැබුනද ඉලෙක්ට්‍රොනික ගණුදෙණු පනතේ 6, 15 හා 16 වගන්ති වලින් ඉලෙක්ට්‍රොනික ගනුදෙනු වලට සම්බන්ද දත්ත ආරක්ෂාව සදහා යම් පියවරක් ගෙන ඇත.

බුද්ධිමය දේපල ආරක්ෂාව තොරතුරු තාක්ෂණයේ ඇති හතර වන වැදගත් අංගයයි. 2003 අංක 36 දරණ බුද්ධිමය දේපල පනතේ 6(1) (අ) වගන්තිය මගින් පරිගණක වැඩසටහන්ද බුද්ධිමය දේපල යටතේ සුරක්ෂිත කර ඇත.

තොරතුරු තාක්ෂනයේ තවත් වැදගත් අංගයක් වනුයේ පරිගණක සාක්ෂි සහ ඊට අදාල වෝහාරික කරුණුය. පරිගණක අපරාධ සම්බන්ධයෙන් සාක්ෂි එකතු කිරීම , ඒවා ආරක්ෂා කිරීම හා ඉදිරිපත් කිරීම වෙනත් අපරාධ වලදී මෙන් නොව ඉතා සුක්ෂමව සිදු කල යුතුව ඇත. ඊට හේතුව වන්නේ එම දත්ත අනතුරට පත් වීමේ අවදානම ඉතා වැඩි බැවිනි. ඇතැම් විට මෙම දත්ත එක් රටක් තුලින්ම සොයා ගැනීමට නොහැකි වනු ඇත. සමහර විට විවිධ රටවල ඇති පරිගණක තුලින් ඇතැම් කරුණු සොයාගත හැකි වුවද ඒ ඒ රටවල බලපවත්වන විවිධ නීති රීති මගින් මෙවැනි විමර්ශන සහ දත්ත රැස්කිරීම සම්බන්දයෙන් බාධා පැමිණවිය හැක. උදාහරණ ලෙස පරිගණක අපරාධයක් කල තැනැත්තෙකු සිටින ස්ථානය සොයා ගත්තද ඇතැම් විට එකී විවිධ රටවල විවිද හා විෂම නීති පැවතීමෙන් එකී වරද සිදුකල තැනැත්තා නීතියේ රැහැනට හසු කර ගැනීමට අපහසු වේ.

ශ්‍රී ලංකාව තුල පරිගණක සාක්ෂි නීතිමය වශයෙන් අදාල කර ගැනීමේ අදහසින් අපගේ ව්‍යවස්ථාදායකය විසින් 1995 අංක 14 දරණ සාක්ෂි විශේෂ විධිවිධාන පනත මගින් පරිගණක ඇතුළු අනෙකුත් ඉලෙක්ට්‍රොනික සාක්ෂි නෛතික සාක්ෂි ලෙසට අදාල කර ගැනීමට ඉඩ සලසා ඇත.

මීට අමතරව 2003 අංක 36 දරණ බුද්ධිමය දේපල පනතේ 6(1) (අ) වගන්තිය මගින් පරිගණක වැඩසටහන්ද ප්‍රකාශන අයිතීන් යටතට ගෙන අති අතර ප්‍රකාශන අයිතීන් කඩ කිරීම අපරාධයක් ලෙස සලකා එවැන්නන්ට දිය හැකි දඩුවම් එම පනතේ සදහන් කර ඇත.

ශ්‍රී ලංකාවේ ඉලෙක්ට්‍රොනික ගණුදෙණු පාලනය කිරීමේ අරමුණින් පනවන ලද 2006 අංක 19 දරණ පනතින් අන්තර්ජාතික වෙළද කටයුතු ප්‍රවර්ධනයට අත හිත දීම සදහාත් මහජන විශ්වාසය ඒ පිලිබදව ඇති කිරීම සදහාත් ඊට අදාල නීතිමය බදාවන් බැහැර කිරීම සදහාත් පනවන ලද බව එම පනතෙහි පරමාර්ථ වශයෙන් දක්වා ඇත.

එමෙන්ම 2007 පනවන ලද පරිගණක අපරාධ පනත යටතේ පරිගණක වරදවල් හදුන්වා දි ඇති අතර , එම වැරදි කරන්නන්ට එරෙහිව දඩුවම් නියම කිරීමටද , එම වැරදි වලින් අගතියට පත් පර්ශවයින්ට සහන සැලසීමටද එම පනතේ විධි විධාන සලස්වා ඇත.

සාකච්චාව නීතීඥ පී.ඒ ගුණවර්ධන මහතා සමග සඳුනි මදුමාලි..
අපට විස්තර සැපයූවේ :- සඳුනි මදුමාලි (Level 3 - තොරතුරු තාක්ෂණ පීඨය )