Header Ads

“මේ ලෝකේ තියන සේරම පොත් කියවල ඉවර කරන එක තමයි මගේ ජිවිතේ ලොකුම ආසාව” - R.C. කොඩිකාර


අද අපි Mora Mag වෙතින් ඔබ වෙත ගෙන එන්නේ අපේ campus එකේ කවුරුත් හොඳින් හඳුනන ඉතා ප්‍රියමනාප, කාගේත් සිත් දිනා ගත් චරිතයක් පිළිබඳව. ඒ තමයි අපේ මොරටුව විශ්වවිද්‍යාලීය පුස්තකාලාධිපති R.C. කොඩිකාර මැඩම්. දැන් මේ ළඟකදී ඉදන් මැඩම්ව අපිට library එකේදී දකින්න ලැබෙන්නේ නෑ. ඒකට හේතුව දැනගන්නත් එක්ක mora mag අපේ කණ්ඩායම ගියා මැඩම්ව හොයාගෙන නාවල මැඩම්ගේ ගෙදරට. ඇය සිනහ මුසු මුහුණින් ඉතා ලෙන්ගතු ලෙස අපව ඇයගේ ආලින්දයට පිළිගත්තා. මේ දිග හැරෙන්නේ එහිදී ඇති වූ සංවාදයයි....

Madam ඇයි මේ දවස්වල library එකේ පේන්න නැත්තේ...? මම කතාවට මුල පිරුවා.

මේ දවස්වල මම leave ඉන්නේ. අවුරුද්දක paid leave එකක් හම්බුනා. මෙච්චර කල් ඇදගෙන ආවනේ... ඉතින් දැන් ටිකක් relax එකක් ගන්න ඕන කියල හිතුනා... ඇය සිනා සෙමින් පිළිතුරු දුන්නා.

Madamගෙ පවුලෙ විස්තර, ගම් පළාත ගැන විස්තර කිවුවොත්...


අපේ පවුලේ ගෑනු ළමයිම 4 දෙනෙක්. මම පවුලේ දෙවනියා. තාත්තා බැංකු කළමනාකරුවෙක්. අම්මා මරදාන ආනන්ද බාලිකාවේ ටීචර් කෙනෙක් විදිහට සේවය කළා. තාත්තගේ ගම හක්මන. අම්මගේ ගම අම්බලන්ගොඩ. තාත්තා වැඩ කළේ කොළඹ නිසා ඉඳලා තියෙන්නේ කැළණියේ. 1961 මම ඉපදුනු අවුරුද්දේ තමයි තාත්තා මේ ගේ හදාගෙන නාවල පදිංචියට ඇවිත් තියෙන්නේ. 

Madam එතකොට ඉස්කෝලෙ ගියේ...

අපි 4 දෙනාම අනුලා එකට ගියේ. මම advanced level කරන්න විසාකා එකට ආවා. මම O/L කාලේ ඉඳලම Western Music කළා. කලාවට ගොඩක් ලැදියී. ඉතින් අම්මා මගේ හැකියාව තේරුම් අරගන මට A/L Arts කරන්න අනුබල දුන්නා. ඒ විදිහට මම විසාකා එකේ තිබුණු Languages English, French, Western Music, Economics කළා. විසාකා එකේ අනුලා එකට වඩා high standard සංස්කෘතියක් තිබුනේ. හැමෝම ඉංග්‍රීසියෙන් කතා කරන්නේ. ඉතින් මට ලොකු චකිතයක් දැනුණා. මම ගිය පලවෙනි දවසෙම අඬාඟන ගෙදර අවේ. එත් අම්මගේ දිරිමත් කිරීම නිසා තමයි අද මං මෙතන ඉන්නෙ. 

ඉස්කෝලෙ කාලේ මතකයන් අවදි කලොත්...

Grade 3 to 5 අපිට හවස ඉස්කෝලෙ තිබුනේ. ඉතින් ගෙවල් ළඟ හිටියා lady කෙනෙක්. එයා හරියට school van service එකක් වගේ අහල පහල ළමයි එකතු කරන් ඉස්කෝලෙ එක්කන් යනවා. පයින් තමයි කට්ටියම යන්නේ. ඉතින් මේ යන පර දිගටම අපිට ගොඩක් වැඩ තිබුණා. අපි බත්කුරෝ ඇල්ලුවා. සමනල්ලූ පස්සේ දිවුවා. හරිම සුන්දර කාලයක් ඒක. අපේ ගෙදරදී අම්මා අපිට දීල තිබුනා සෙල්ලම් පැයක්. හවස 5 ඉඳන් 6 වෙනකන්. ඉතින් ඒ වෙලාවේ අපි කොහෙහරි තැනකට set වෙලා football ගැහුවා. බට්ට පැන්නා. අල්ලන සෙල්ලම් කරා. හරියටම 6 වෙද්දී ගෙදර ආවේ නැත්තම් අම්මා දොර වහනවා අපිව ඇතුලට ගන්නෑ. අපේ ගෙදර පොත්පත් එක්ක ඉගෙනීමේ පරිසරයක් තමා තිබුණේ... Grade 3 ඉඳලම මං හැමදාම පංතියෙ පළවෙනියා වුණා. Maths, English, Western Music prizes මං තමා ගත්තේ. විසාකා එකේදිත් මට Western Music prize එකයි French prize එකයි හම්බුණා. මට තාමත් මතකයි AL වලට ඉගෙන ගත්ත French පාඩම්...

එතකොට madam campus යන්නේ...

මම කැළණිය university එකේ කලා සාමාන්‍ය උපාධිය කළේ. මගේ ප්‍රධාන විෂයන් වුණේ English, French, Western Music. ඉතින් campus එකේ අපිට කියන්නේ කඩු faculty කියලා. seniorsලා බලාගන ඉන්නේ කොයි වෙලේද අපිව අල්ලගන්නේ කියලා. campus එකේ හැමෝ අතරම අපි ජනප්‍රිය වුණා. 

first year එකේදිම මම Music ඩිප්ලෝමා එකයි French ඩිප්ලෝමා එකයි කළා. මට second class upper එකක් තිබුණේ. මම තමා batch top වුණේ.ඒත් 83 ජූලි කොටි ගැහුව නිසා අපිට batch photo එකක්වත් ගන්න බැරි වුණා...

campus ජීවිතේ හරිම සුන්දරයි. ආයෙමත් ඒ කාලෙට යන්න තියනවනම්...

Madam leisure time එකේදී මොන වගේ දේවල්ද කරන්නේ සාමාන්‍යයෙන්?

මම music වලට ආදරෙයි. ඉතින් ඒ නිසාම වැඩි දුර Western Music ඉගෙන ගත්තා.Teachers’ exam කළා. ගෙදරදි මම piano play කර කරා සින්දු කියනවා. ඉස්සර ඉස්කෝලෙ යන කාලේ මම මුද්දර එකතු කළා. පොත් කියවන්න තමා මම ගොඩක්ම ආස. මම හැමදාම පොත් කියවනවා. කොච්චර වැඩ තිබුනත්, රැ 12 වෙනකන් හරි ඇහැරන් හිටියත්, නිදාගන්න කලින් පොතක එක chapter එකක් හරි කියවල ඉවර කරලා තමා නිදා ගන්නේ. ඒ අමාරුව මට තියනවා. මේ ලෝකේ තියන සේරම පොත් කියවල ඉවර කරන එක තමයි මගේ ජිවිතේ ලොකුම ආසාව... 

ඒ ආසාව නිසාද Madam librarian තනතුරට පත් වෙලා මේ ක්ෂේත්‍රයට එන්න හිතුවේ?


ම්ම්ම්... Degree එක කරලා ඉවර වුණාට පස්සේ අම්මා මට කිවුවා ශ්‍රී ලංකා Library Association එකේ library Science ඩිප්ලෝමා course එක කරන්න කියලා. ඒ අතර මට French visiting lecture post එකක් හම්බුණා කැලණිය university එකේ. මම lecturing කරන ගමන් course එකත් කළා. ඒ ගමන් පත්තරේ vacancies වලට apply කළා. 1st ම interview එක මොරටුව university එකේ librarian post එකට ආවේ. සති 2 න් ලියුම ආවා මම select කියලා. මේ තනතුරට ආව නිසා මට ඩිප්ලෝමා level වෙනකන් course එක continue කරන්න වුනේ නෑ. 1700 පඩියට තමයි මං මුලින්ම job එකට ආවේ. මේ තනතුරේ ඉද්දි අපිට postgratuate course එකක් කරන්න වෙනවා. ඒ අනුව මට 1985 දී scholarship එකක් හම්බෙලා Library Science Masters’ degree එක කරන්න Canada යන්න පුළුවන් වුණා. එතකොට මං marry කරලා මාස 2යි. ඉතින් පවුලේ අයගෙන් මට ලොකූ සහයෝගයක් හම්බුණා...

Librarian post එක දරද්දී ලබපු අත්දැකීම් ගැන සඳහන් කරොත්...

මම මුලින්ම ජොබ් එකට එද්දී නඩරාසන් කියල Tamil සර් කෙනෙක් තමයි librarian වෙලා හිටියේ. මට මුලින්ම section එකේ අඩුපාඩු report කරන්නයි තිබුනේ. සර්ගෙ වැඩ පිළිවෙලත් එක්ක මට ගොඩක් අමාරු වුණා වැඩ කරගන යන්න . එත් මට ඒ හැම දෙයක්ම දරාගන වැඩ කරන්න staff එකේ අනිත් අයයි studentsලයි උදවු වුණා. 

මුලින්ම library එක තිබුණේ VC සර්ගේ board room එකේ. ඉඩකඩ මදි වෙද්දී අපි සුමනදාස building එකට library එක shift කරා. 95 දී තමා අපි මේ දැන් තියන building එකට ආවේ. 

මගේ සේවා කාලයේ අවුරුදු 15 සම්පුර්ණ වෙනවත් එක්කම සර් retire වුණා. ඉතින් staff එකේ වෙන කවුරුවත් apply කරන් නැති නිසා මං eligible librarian post එකට apply කළා. ඒ අනුව මම 99 librarian විදිහට වැඩ බාර ගත්තා. මම librarian තනතුරට පත් වුණාම field එකේ ගොඩක් අය මාව වැඩිය අඳුරන් නෑ. හැමෝම ඇහුවා ඔයා පිටරට ඉදන්ද apply කරේ? මීට කලින් කොහෙද වැඩ කරේ කියලා... මම ඒ හැමෝටම හිනා වෙලා උත්තර දුන්නා, “මම එකම building එකේ පලවෙනි තට්ටුවේ ඉඳන් 3වෙනි තට්ටුවට ආවා “ කියලා.

VC සර් මට දීපු 1st ම task එක තමයි library එක automate කරන එක. 99 පත් වෙලා 2000 වෙද්දී මට පුළුවන් වුණා සම්පූර්ණ library එක automate කරන්න. 2001 දී අපි bar code system එක implement කරා. Free WIFI පහසුකම් තියනවා. ඉතින් මේ තාක්ෂණික වෙනස්වීම් එක්ක මොරටුව university එක ගොඩක් ඉස්සරහට ආවා.

විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් library එක භාවිතා කරන ආකාරය ගැන ඔබට සෑහීමකට පත් වෙන්න පුලුවන්ද?

ඇත්තටම අද students ලා කියවීමට යොමු විමේ ගොඩක් අඩු ප්‍රවණතාවක් තියෙන්නේ. අපි බලාගන ඉන්නවා Research එකක් කරලා අපිට ගෙනත් දෙනකන්.. ඒ වගේම research කරන ළමයිට අපි හැම වෙලේම උදවු කරන්න ලෑස්තියි. එත් අද ළමයි research කරන්න යොමු වෙනවා අඩුයි. 

ඉතින් අපි ගන්න සේරම පොත් පරිහරණය වෙනවද කියන එක ප්‍රශ්නයක්. අපි අවුරුදු 3-4 කට සැරයක් usageඑක ගැන survey එකක් කරනවා. usage එකෙන් අඩු පොත් අපි shelfවලින් අයින් කරනවා අලුත් පොත්වලට ඉඩ දෙන්න ඕන නිසා. හැබැයි අපි ඒවා collection එකෙන් අයින් කරන් නෑ. 

lecturer කෙනෙක් පොතක් recommend කරනවනං මේ පොත කියවිය යුතුමයි මේකෙන් තමයි exam එකට ප්‍රශ්න එන්නේ කියලා, එතකොට student අනිවාර්යෙන් ඒ පොත කියවන්න යොමු වෙනවා. මං හිතනවා lecturersලගේ පැත්තෙන් ඒ වගේ motivation එකක් තිබුනොත් studentsලගේ library usage එක වැඩි වෙයි කියල. 

විශ්ව විශ්වවිද්‍යාලයක් කියන්නේ හැම වෙලේම අලුත් දෙයක් හොයාගත යුතු තැනක්. ඉතින් ඒ තත්වයට එන්නනම් studentsලා නිතරම අලුත් දේ කියවලා දැනුම ලබා ගන්න ඕනා... ඒක තමයි මට library usage එක සම්බන්ධයෙන් studentsලට දෙන්න තියන පණිවිඩය..

මේ තනතුරේ මෙතෙක් ආ ගමන් මග ගැන Madamට මොන වගේ හැගීමක්ද දැනෙන්නේ?

ඇත්තටම සතුටුයි...

2009 තිබුණු quality review එකෙන් අපේ library එක island 1st වුණා. මං එදත් කිවුවා දැන් මට සතුටින් ගෙදර යන්න පුළුවන් කියලා. දැන් මං මේ leave අරන් ඉන්නවා වගේ මට මෙහෙමම දිගටම වුණත් ගෙදර නවතින්න පුළුවන් මොකද මං අවුරුදු 15 ක් තිස්සේ තනතුරේ ඉද්දි සෑහෙන දේවල් library එක වෙනුවෙන් කළා කියලා මට තෘප්තියක් දැනෙනවා. 

මේ වෙද්දී staff එකේ 50 දෙනෙක් වැඩ කරනවා. ඒ හැමෝම එක්ක මම හැකි උපරිම අයුරින් සුහදව කටයුතු කරනවා. විවේචන, චෝදනා එල්ල නොවෙනවම නෙවෙයි... ඉතින් ඒ වගේ වෙලාවට ගොඩක් නම්‍යශීලී වෙන්න ඕනා. 

මගෙන් පස්සේ මේ staff එකේම කෙකෙන් තමයි මේ post එකට එන්නේ. ඉතින් එයාලා මටත් වඩා හොඳට library එක දියුණු කරයි කියලා මං බලාපොරොත්තු වෙනවා. ඒ challenge එක දීලා තමයි මං මේ නිවාඩු ගත්තේ...


විශ්ව විශ්වවිද්‍යාල සිසුන්ගේ නිර්මාණාත්මක හැකියාවන්ට ඉඩක් ලබා දෙමින් ඔවුන්ගේ නිර්මාණ අගයන site එකක් විදිහට Mora Mag පිළිබඳව ඔබේ අදහස කුමක්ද?

විශ්ව විශ්වවිද්‍යාලයකින් හැම වෙලේම අපි බලාපොරොත්තු වෙන්නේ අලුතින් දෙයක් නිපදවීම... අලුතින් කවුරුහරි දෙයක් නිපදුවාම ඒක access කරලා ඒ ගැන විමසන්න ගොඩක් පුද්ගලයෝ ඉන්නවා. ඉතින් ඒ නිපදවීම කරන කෙනාටත් ඒකෙන් ගොඩාක් අත්දැකීම් ගන්න පුළුවන්. 

ඇත්තටම undergraduate course එක කියන්නේ ඔයාලගේ basic course එකක්. ඔයාල ඊට වඩා ගොඩක් ඉස්සරහට යන්න ඕනා. ඒ exposureඑක ගොඩාක් වටිනවා. 

ඉතින් ඔයාලගේ මේ ගමන ගැන මට සතුටුයි. Mora Mag crew එකට මම සුබ පතනවා.

මෙම සුහද කතා බහ ඔබ වෙත ගෙන එන ලද්දේ පලමු වසරේ ඉගෙනුම ලබන Natasha Nayanatharanga සොයුරිය විසිනී.